අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී

Published in විදෙස්
Wednesday, 11 September 2024 13:16

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණ බව විදෙස් වාර්තා සදහන් කර තිබේ. 

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එය වූ අතර, එහි පළමු විවාදයට එක්වූයේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ය.

මෙය කමලා හැරිස්ගේ පළමු ජනාධිපතිවරණ විවාදයයි.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ අමෙරිකානු ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුය.

ඊට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකරගන්නා ආකාරයත් එහිදී දක්නට ලැබුණි.

අමෙරිකානු ජනාධිපතිවරණයට සමගාමීව එරට ABC මාධ්‍ය ජාලය සංවිධානය කරන මෙම විවාදය මිනිත්තු 100කට ආසන්න කාලයක් පැවති අතර එහිදී මිනිත්තු කිහිපයක වෙළෙඳ විරාම දෙකක් ද ලබාදෙයි.

එම විරාම අතරතුර සිය උපදේශකයින් සමඟ සාකච්ඡා කිරීම අපේක්ෂකයින්ට තහනම් වන අතර, පෙර සූදානම් කරගත් දේශන සහිත සටහන් රැගෙනයාමටත් අවස්ථාව හිමිවන්නේ නැත.

බොහෝදුරට මෙවර අවසන් ජනාධිපතිවරණ විවාදය මෙය වනු ඇතැයි අපේක්ෂිතය.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us