IMF සහය නැති නිසා විදේශීය ආයෝජකයන් පකිස්ථානය හැර යයි.

Published in විදෙස්
Monday, 16 September 2024 08:53

වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පකිස්ථානයේ රාජ්‍ය බැංකුව (SBP) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ආයෝජකයින් භාණ්ඩාගාර බිල්පත් වලින් ඩොලර් මිලියන 103.5 ක් ඉවත් කර ගැනීමත් සමඟ අගෝස්තු මාසයේ පළමු දින 23 තුළ පකිස්ථානයේ දේශීය බැඳුම්කරවල විදේශ ආයෝජන තියුනු ලෙස පහත වැටී ඇත.

වෙළඳපල විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම පිටතට ගලායාමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමකට එළැඹීමේ ප්‍රමාදයන් සහ රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයය.

සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් යම්කිසි රටක සිදු කරන ව්‍යාපාරික ගනුදෙනුව වසර 15-20 අතර දිගු කාලීන සැලසුමක් මත සිදුවන බවත්, එවැනි දිගු කාලීන ව්‍යාපාර සැලසුමක් පාකිස්තාන රජයට නොමැතිවීමෙන් තත්ත්වය බරපතළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

-P.M

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us