ජාතික සංහිදියාව වෙනුවෙන් කැපවූ විශිෂ්ටයින්ට චීන ජනපතිවරයාගෙන් සම්මාන

Published in විදෙස්
Monday, 30 September 2024 12:39

චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට සමගාමීව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළේය.

විශාල දේශභූමියක් සතු චීනය බහුජාතික රටකි. වසර 5000කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන චීනයේ විවිධ ජාතීන් එකමුතුවෙන් දීප්තිමත් ශිෂ්ටාචාරයක් නිර්මාණය කර ඇත.

පාලක පක්ෂය වශයෙන් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා චීනයේ සියලු ජාතීන් එක්සත් කරමින් සියලු ජාතීන්ගේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා කටයුතු කරමින් ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවර ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී කියා සිටියේය.

සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් මහඟු සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් වෙනුවෙන් පැවති මෙවර සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති බවය.

චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය සම්මාන පිරිනැමීම සිදු කරයි.china1

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us