බ්‍රිතාන්‍යයේ කොන්සවර්ටිව්‌ පක්ෂයේ නායකත්වයට කළු ජාතික කාන්තාවක් Featured

Published in විදෙස්
Sunday, 03 November 2024 10:30

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොන්සවර්ටිව්‌ පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගියදා සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය.

කළු ජාතික බ්කාන්තාවක කොන්සවර්ටිව්‌ පක්ෂයේ නායකත්වයට පත්වුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි.

පක්ෂ නායකත්වය වෙනුවෙන්‌ පැවැති සටනේදී, බේඩිනොච්ට අභියෝගයක්‌ එල්ල වූයේ හිටපු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ද වන රොබර්ට්‌ ජෙන්රික්ගෙනි.

කෙසේ නමුත්‌ අවසානයේ කොන්සවර්ටිව්‌ පක්ෂයේ සියයට 57 ක්‌ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සහාය බේඩ්නොච්ට ලැබෙන බවය.

මීට පෙර කොන්සවර්ටිව්‌ පක්ෂයේ නායකයා ලෙසත්‌, අග්‍රාමාත්‍යවරයා ලෙසත්‌ කටයුතු කළේ ඉන්දීය සම්භවයක්‌ ඇති රිෂී සුනාක්ය. පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්‌ කොන්සවර්ටිව්‌ පක්ෂය පරාජය වූ අතර, එම මැතිවරණය ජයග්‍රහණය කර, දැන්‌ බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි.

මැතිවරණ පරාජයෙන්‌ පසු කොන්සවර්ටිව්‌ පක්ෂයේ නායකත්වය මෙසේ වෙනස්‌ කෙරුණි. කෙමී බේඩ්නොච්ට පක්ෂ නායකත්වය හිමිවූයේ ඒ අනුවය.

-p.m

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us