චීනයෙන් තවත් භයානක වෛරසයක් - මෙරට වසංගත රෝග විද්‍යා අංශයත් දැඩි අවදානයෙන් Featured

Published in විදෙස්
Friday, 03 January 2025 13:44

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බවද වාර්තා වේ.

වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.

රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

මේ අතර චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරසය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (03) දිනයේදී මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.

Last modified on Friday, 03 January 2025 13:56

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us