භූ කම්පනයෙන් අවතැන්වූවන්ට චීන රජයෙන් සහන

Published in විදෙස්
Wednesday, 08 January 2025 13:48

චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබේ.

එම සහන සැපයුම් තොගය ඊයේ (07) රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බව සඳහන්ය.

අදාළ සහන සැපයුම් සපයා තිබුණේ චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින්ය.

6000කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත් අතර තවත් 16,000ක පමණ සහන තොගයක් අද(08) එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතය.

කෙසේවෙතත් භූකම්පනයෙන් අවහි‍ර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව චීන මාධ්‍ය පවසයි.

චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් පුද්ගලයින් 53 දෙනෙක් මියගොස් තිබේ.

එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා දැනී තිබුණි.

ඉන් පසුව එහි පසුකම්පන රැසක් ද වාර්තා වී තිබේ.

මේ අතර මෙම භූකම්පනයෙන් මියගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරමින්  එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කළේය.

එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා සහ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා මෙන් ම යුරෝපා කොමිසම ද එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us