අද ඉදන් TikTok තහනම්

Published in විදෙස්
Sunday, 19 January 2025 13:49

ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ.

ඒ මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින්

අධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි  අද (19)  දිනයේ සිට TikTok යෙදවුම අමෙරිකාවේ භාවිතය තහනම් කිරීමට නියමිතයව තිබුණ ද ඊයේ (18) පස්වරුවේ සිටම Apple සහ google App store වලින් TikTok යෙදවුම් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ක්‍රියා විරහිත වූ TikTok යෙදවුමේ දැන්වීමක් පළ කරමින් සිට අමෙරිකානු පරිශීලකයින්ට පවසා ඇත්තේ, 

"එක්සත් ජනපදයේ ටික්ටොක් තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. ඒ අනුව අවාසනාත්මක ලෙස ඔබට දැනට TikTok භාවිතා කළ නොහැකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සම්බන්ධයෙන් අප සමඟ කටයුතු කරන බව පවසා තිබීම වාසනාවක්. එබැවින් කරුණාකර අප සමඟ රැඳී සිටින්න" යනුවෙනි.

ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන  TikTok යෙදවුම චීනයේ 'බයිට් ඩාන්ස්' නම් තාක්ෂණික සමාගමට අයත් වේ.

ඒ අනුව, වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Capcut සහ Lemon8 යන යෙදවුම් ඇතුළුව බයිට් ඩාන්ස් සතු අනෙකුත් යෙදුම් ද සෙනසුරාදා පස්වරුව වන විට අමෙරිකාව සතු වන App store වලින් බාගත කිරීමට නොහැකි වු බව සඳහන් වේ.

මේ අතර, මීට පෙර දිනයකදී මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, අදාළ තහනමට දින 90ක සහනයක් ලබා දීම බොහෝ දුරට සිදු කරනු ලබන බවත්, එය ලබාදීම සුදුසු වන බවත්ය. එමෙන්ම තමන් එය තීරණය කළහොත්, එය සඳුදා නිවේදනය කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.

ලොවපුරා TikTok යෙදවුම හරහා වෙනමම කර්මාන්තයක් ගොඩ නැගුණු අතර එය උන්මාදයක් බවට පත්විමත් හේතුවෙන් මෙවැන තත්ත්වයක් පවතින අවස්තාවක දී අමෙරිකානු ආරක්ෂක බලධාරීන් චෝදනා කරමින් පැවසුවේ TikTok යෙදවුම හරහා චීනය, අමෙරිකාවේ ආරක්ෂික තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවත්ය.

ඒ අනුව අමෙරිකාව විසින් TikTok යෙදවුම හිමි බයිට් ඩාන්ස් නම් චීන සමාගමට නියෝග කළේ TikTok යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් 2025 වසරේ ජනවාරි 19 වනදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් කරන ලෙසත් ය.

එම සමාගම අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව පසුගියදා තහවුරු කර කළේය.

මිලියන ගණනක් වූ අමෙරිකානු TikTok පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළකර තිබුණි.

කෙසේ වෙතත්, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවටය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය සම්බන්ධයෙන් පවසා ඇත්තේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

Last modified on Sunday, 19 January 2025 13:50

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us