ඇමරිකාව කොළොම්ඹියාව මට්ටු කරයි

Published in විදෙස්
Monday, 27 January 2025 12:37

ඇමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා දෙකක් ‍කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ ඇමෙරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු වැඩි කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ෂේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා ද 25% ක තීරු බදු පනවන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර, එය සතියක් තුළ 50% ක් දක්වා වර්ධනය විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් තීරු බදු තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසුව, කොලොම්බියාව පසුබැස එක්සත් ජනපද හමුදා ගුවන් යානාවලින් පිටුවහල් කරන ලද පුරවැසියන් පිළිගැනීමට එකඟ වී තිබෙනවා. 

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us