මාධ්‍ය මර්දනයෙන් බලය පෙරළුණු නේපාලයේ කැබිනට්ටුව 15ට බස්සයි

Published in විදෙස්
Tuesday, 16 September 2025 13:07

රජයේ සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් වීපීඑන් ඔස්සේ සමාජ ජාලයක් මගින්ම සංවිධාන වී ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවකින් 71 කට දිවි අහිමිවීමෙන් පසුව නේපාලයේ දේශපාලන බලය පෙරළූ Gen Z විරෝධතාකරුවන්ගේ නව අගමැතිනිය විසින් එරට කැබිනට් මණ්ඩලය 15කට සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

තරුණ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අනුව රටේ දේශපාලන තීන්දු ගන්නා මෙම අවස්ථ‍ාවේදී අමාත්‍යවරුන් තිදෙනකු දිවුරුම් දීමට ද කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අසීරු අවස්ථාවේදී අමාත්‍යවරු 15ක් පමණක් පත්කරන බවත් නව පත්කිරීම් තුනෙන් පසුව සෙසු අමාත්‍යවරුන් ක්‍රමානුකූලව පත්කරන බවත් අගමැතිනි සුෂිලා කාකි නිවේදනය කළා.

ස්වදේශීය කටයුතු, මුදල් යනාදී ඇතැම් අමාත්‍යාංශවලට කරනු ලබන පත්කිරීම් සම්බන්ධයෙන් යම් ආතතියක් ගොඩනැගුණු බව ද අගමැතිනිය සඳහන් කරනවා.

කෙසේවෙතත් හිටපු මුදල් ලේකම් රාමේ‍ෂොර් කානල් මුදල් ඇමති ලෙසත්, කීර්තිමත් නීතිඥයකු ලෙස ප්‍රකට ඕම් ප්‍රකාශ් ආර්යල් ස්වදේශීය කටයුතු අමාත්‍යවරයා ලෙසත්, එරට විදුලිබල අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වන කුල්මන් ගිෂින්ග් බලශක්ති සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබුණා.

නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවයි එරට වාර්තා පැවසුවේ.

මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන්.

‘අපි ඉක්මනින්ම කැබිනට් එක පත්කරලා ඉවර කරනවා’ සුඩාන් ගුරුන්ග් නම් වන හිටපු ඩීජේ පවසා තිබුණා. නේපාලයේ රජයට එරෙහි විරෝධතාකරුවන් කැඳවීමට ඩිස්කෝට් ඇප් එකෙන් සංවිධාන වීම සඳහා මූලිකත්වය ගත් අයකු ලෙසත් ගුරුන්ග් හඳුනාගෙන තිබෙනවා.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us