දරුවන් ඇතුළු 70,000කට දිවි අහිමි කළ ඊශ්‍රායල- පලස්තීන යුද්ධය නිමා වෙන්න සුදානමින්

Published in විදෙස්
Monday, 13 October 2025 13:14

වසර දෙකක කාලයක් පුරා කුඩා දරුවන් ඇතුළු 70,000කට ආසන්න පිරිසකට දිවි අහිමිකරමින් පැතිරගිය ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් පිළිබඳ බලාපොරොත්තු අද (13) දැල්වුණි.

ඒ අනුව දෙවසරක් පුරා හමාස් ප්‍රාණ ඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා රතු කුරුස සමාජය විසින් ඊශ්‍රායල හමුදා වෙත භාරදීම මීට සුළු වේලාවකට පෙර සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙත මේ වන විට ළඟාවී තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද සාමයේ අරුණලු උදාවී ඇත.

ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව ඇති ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙනඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවීමෙන්.

වසර දෙකක කාලයක් හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අතරින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ විසිදෙනෙකු පමණක් වන අතර මෙම සාම සැලසුමට අනුව ඔවුන් ඊශ්‍රායලය වෙත අද භාරදීමට නියමිතව තිබේ.

දැනටමත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ටෙල් අවීව් හි ප්‍රාණඇපකරු චතුරස්‍රයට රැස්ව ඇත්තේ මෙම ඓතිහාසික අවස්ථාව සියැසින් දැකගැනීමටය.

රතු කුරුස සමාජය එම ප්‍රාණ ඇපකරුවන් පිරිස ඊශ්‍රායල විශේෂ හමුදා කණ්ඩායමකට භාරදෙනු ලබන අතර, පසුව ඔවුන් පිරිස එරට රෙයිම් හමුදා කඳවුර වෙත රැගෙන ඒමටද නියමිතය.

මීට සමගාමීව ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයින් 2,000ක් පමණ නිදහස ලැබීමට ද නියමිත අතර ඉන් 250ක් පලස්තීන සිරකරුවන් බවත් වාර්තා වේ.

හමාස් සංවිධානය කළ ඉල්ලීම්වලට එකඟවෙමින් හමාස් ප්‍රධානීන් හත් දෙනෙකු ද ඇතුළුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින පිරිසක් ද නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් බවද වාර්තා විය.

මෙම සිද්ධිය සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ මෙවන් අදහසක්.

"ඊශ්‍රායල වැසියනි. මෙය ඝාතකයින් නිදහස් කිරීමේ වේදනාව සහ ප්‍රාණඇපකරුවන් ආපසු පැමිණීමේ ප්‍රීතිය මුසුවූ ඓතිහාසික අවස්ථාවක්. මෙය සමහරු කිසිදාක සිදුනොවනු ඇතැයි සිතූ අවස්ථාවක්. නමුත් මෙවැන්නක් සිදුවන බවට අපේ සෙබළු, ජනතාවගෙන් බහුතරය වගේම මමත් විශ්වාස කළා. අපි අතර මතගැටුම් තියෙන බව ඇත්ත. නමුත් අපි අදත්, ඉදිරියටත් ඒවා අත්හැරිය යුතුයි. මොකද අපි විශිෂ්ට ජයග්‍රහණ, ලොව විස්මය කරන ජයග්‍රහණ අත්පත් කරගන්නේ එක්ව කටයුතු කළ විටයි"

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලය වෙත අද පැමිණීමට නියමිතයි.

"හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. සුවිශේෂී අවස්ථාවක්. ඊශ්‍රායලයේ මිනිස්සු ලක්ෂ 5ක් විතර අපේක්ෂාවෙන් ඉන්නවා. මුස්ලිම් සහ අරාබි රටවල් සියල්ලම ප්‍රමෝදයට පත්වෙලා. මේ හැමෝම මීට කලින් එකම වෙලාවේ ජයඝෝෂා නගලා නැහැ. සාමාන්‍යයෙන් එක් පිරිසක් ප්‍රීතිවෙනකොට අනෙක් පිරිස දුක්වෙනවා. මෙයට සම්බන්ධවීමට ලැබීමත් සතුටක්" යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ.

කෙටි සංචාරය අතරතුර ජනාධිපති ට්‍රම්ප් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ද හමුවී, ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිත අතර, ඉන්පසු ඔහු වහාම ඊජිප්තුව බලා පිටත්ව යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

ඒ අද එහි ෂාම් අල් ෂෙයික් හි පැවැත්වෙන ගාසා සාම සමුළුවට සහභාගිවීමට යි.

මෙම අවස්ථාවට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගිවීමටද නියමිතය.

ඊශ්‍රායල අගමැති නෙතෙන්යාහු සහ හමාස් සංවිධානයේ නියෝජිතයෙක් එම අවස්ථාවට එක්නොවනු ඇතැයි වාර්තා වන නමුත්, පලස්තීන අධිකාරිය නියෝජනය කරමින් ජනාධිපති මහමුද් අබ්බාස් ඊට එක්වන බවත් වාර්තා වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us