ජර්මනියේ බර්ලීන් හි පැවති සම්මේලනයේදී (ESMO) මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් වූ බව බටහිර මාධ්‍ය වාර්තාවල සඳහන්.
'Galleri' ලෙස හැඳින්වෙන මෙම පරීක්ෂණය මගින්, රුධිරයේ සංසරණය වන පිළිකා සෛල මගින් මුදා හරින ලද DNA කොටස් විශ්ලේෂණය කරනු ලබන බව සඳහන් වනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අවුරුදු 50ට වැඩි පුද්ගලයන් 25,000කට අධික පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයේදී, පරීක්ෂණයෙන් හඳුනාගත් නව පිළිකා රෝගීන්ගෙන් සියයට 53.5ක් මුල් අවධියේදී (I හෝ II අවධි) අනාවරණය වී තිබෙනවා.