ඉරාන නායක කමේනි බලයෙන් පහ කිරීමේ විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරේ

Published in විදෙස්
Friday, 09 January 2026 10:40

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බවය.

මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුව බව සඳහන්.

ඔවුන් දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ.

ඊයේ (8) සවස ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇති අතර, එය ආරක්ෂක හමුදා විසින් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ.

එය පාලනය කිරීම සඳහා රට පුරා අන්තර්ජාල විසන්ධි කිරීමක් ද සිදුකර ඇත.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ඇතුළු කරුණු රැසක් මුල්කරගමින් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත.

අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) අනාවරණය කර ඇත්තේ, අවම වශයෙන් විරෝධතාකරුවන් 34ක් මේ වනවිට මරණයට පත්ව ඇති බවය.

එමෙන්ම ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමුන් බවත් සඳහන්.

මේ වනවිට විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

කෙසේ නමුත් නෝර්වේ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් නිරීක්ෂකයෙකු (IHR) පවසා ඇත්තේ, ආරක්ෂක හමුදා විසින් ළමුන් අට දෙනෙකු ඇතුළුව අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us