දින 5ක් තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් මරුට - 181 දෙනෙක් ළමුන්

Published in විදෙස්
Wednesday, 04 March 2026 09:57

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.

ඉන් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බව එම ආයතනය පවසයි. සිවිල් වැසියන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100 දෙනෙකු ළමුන් බව HRANA ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් සිදුවී ඇති බව එහි සඳහන් වේ. ඔවුන් හමුදා කඳවුරු, වෛද්‍ය මධ්‍යස්ථාන සහ නේවාසික
ප්‍රදේශවලට පහර දී ඇති බව එම ආයතනය තවදුරටත් පවසයි.

තවත් වාර්තා වූ සිය ගණනක් මරණ පිළිබඳව සමාලෝචනය කරමින් පවතින බවද අදාළ ආයතනය සඳහන් කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us