යුරෝපයට ගෑස් සැපයීමට අපි සූදානම් නෑ

Published in විදෙස්
Monday, 06 October 2014 13:41
අති විශාල ගෑස් සංචිත තිබුණද ගෑස් නිෂ්පාදනයේදී තවමත් ඉරානය පසුබෑමක සිටින බව ඉරාන ජනපති පවසයි. ඔහු පවසා ඇත්තේ යුරෝපයේ ගෑස් අවශ්‍යතාවය සැපිරීමට ඉරානය තවමත් සූදානම් නොමැති බවය.
මේ නිසා දේශීය අවශ්‍යතාවය සැපිරීම සඳහා ප‍්‍රමුඛතාවය ලබාදීමට සිදුව ඇති බව රුහානි පවසා ඇත.  කාලයෙන් කාලයට ඉරානයට ශීත සෘතුවේදී ගෑස් හිගයන් ඇතිවන බවද ඔහු හෙළිකරයි.
 
නැගෙනහිර, බටහිර, දකුණේ සිටින සියලූම අසල්වැසියන්ට ඉරානය විසින් මෙතෙක් නිස්සාරණය කර නොමැති ගෑස් මිලදී ගැනීමේ අවශ්‍යතාවය ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
 
රුසියාව විසින් යුරෝපා සංගමය ගෑස් සැපයීම නවතා දැමුවහොත් එම අවශ්‍යතාවය සැපිරීමට ඉරානයට හැකිබවට බොහෝ දෙනා සිතුවත් එය එසේ කළ නොහැකි බව ඔහුගේ අදහසයි.
 
ඉරානයේ ගෑස් නිෂ්පාදනය එම මට්ටමෙන් බොහෝ පසුපස සිටින බව හසන් රුහානි පවසා තිබේ.  මේ අතර ඔහු දක්වා ඇත්තේ රුසියානු ගෑස් ක්‍ෂේත‍්‍රය සමග සහයෝගයෙන් කටයුතු කිරීමද ඉරානයේ අරමුණක් බවයි.
 
රුසියාවට පසුව තහවුරු කරගනු ලැබූ ලොව වැඩිම ගෑස් සංචිත ප‍්‍රමාණය ඉරානය සතු වන අතර ඝන මීටර් ටි‍්‍රලියන 29.6ක් වන එය ලොව මුළු සංචිතවලින් 15.8%කි.  ඉරානයට පණවා ඇති සම්බාධක හා නළ පද්ධතියක් නොවීම යන කරුණු යුරෝපා සංගමයට ඉරාන ගෑස් මිලදීගැනීමට බාධාකාරී වී තිබේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us