නව පරපුරේ ජනප්‍රිය නිළියක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් වන මේනකා මධුවන්ති හා නිරූපණ ශිල්පිණියක් මෙන්ම නිවේදිකාවකාවක් වන ආක්ෂා සුධාරි යන මේ දෙදෙනාව පසු ගිය (09) දින අධිකරණය විසින්  අත් අඩංගුවට ගැනීම  සඳහා වරෙන්තු  නිකුත්  කරන  ලදී.
ඒ  මොවුන් දෙදෙනා හා ආක්ෂාගේ මව වන මොහිදින් වහීදා නැමැති කාන්තාව එකතු  වී  ටෙලිනාට්‍ය නිළියක වන හංසිකා සිතාරා හට පහරදී ඇය සතුව තිබූ වටිනා ජංගම  දුරකථයක්  සොරාගන යෑමේ සිද්ධියට සම්බන්ධයෙන්  පැවති  නඩුව  නැවත විභාගවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසාය.
මීට පෙර පැවති  නඩු වාරයේදී  ඔවුන්  තිදෙනාව ඇප පිට මුදා හැර ඇත.
මෙම  සිද්ධිය  සිදු  වී   වසරක්  සපිරෙන  අතර  2013  ඔක්‍තෝම්බර්  10 වන  දින  තමාට  මොවුන්  තිදෙනා  පහරදුන්  බවට  පැමිණිළි  කළ   හංසි  සිතාරා  එම  පැමිණිල්ලේ  සඳහන්  කර  ඇත්තේ  ඉහත සඳහන්  දින  තමාව  නුගේගොඩ  නිලූ  සැලුන්  නැමැති  ස්ථානයට  ගෙන්වාගෙන  එසේ  පහරදුන්  බවය.


මේනකා  මධුවන්ති

ආක්ෂා  සුධාරි

හංසි  සිතාරා
