අනතුරට පත් ග්‍රීක නෞකාවේ මගීන් 10 ක් මරුට

Published in විදෙස්
Wednesday, 31 December 2014 10:23

පසුගිය ඉරිදා(28) දින ගිනිගෙන අනතුරට පත් වූ ග්‍රීක නෝර්මන් ඇට්ලැන්ටික් නෞකාවේ සිටි 400 ක් පමණ වන මගීන් සියලු දෙනා සහන සේවකයන් විසින් මුදාගෙන ඇති බව ඉතාලි බලධාරින් මාධ්‍යට පවසා තිබේ.

එම බලධාරින්ට අනුව මෙම ක්‍රියාවලිය තුළදී එක් අයකු මියගිය බව තවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් සඳහන් කර ඇත. ඔවුන් පවසා ඇති අන්දමට නෞකාව තුළ කළ සෙවීම්වලදී තවත් මළ සිරුරු නවයක් හමුවීම හේතුවෙන් මෙම අනතුරින් මිය ගොස් ඇති ගණන දහය දක්වා ඉහළ ගොස් ඇති බවය. ඉතාලි බලධාරින් මෙසේ ප්‍රකාශ කළ ද කොපමණ පිරිසක් අතුරුදන් වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ඉතාලි ගමනාගමන අමාත්‍ය මවුරිසියෝ ලූපි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ නෞකාවේ මගීන් කොපමණ සිටියේද යන්න තහවුරු කර ගැනීමට නොහැකිව ඇත්තේ ගමන් ආරම්භයේ සකස් කර තිබූ මගී ලැයිස්තුවේ තිබි ඇති වැරදි හේතුවෙන් බවය.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කොපමණ මගී පිරිසක් නෞකාවට ආරම්භයේ දී ගොඩ වී ඇත්ද අතරමගදී කොපමණ පිරිසක් එයින් පිටවී ඇත්ද යන්න සටහන් වී නොමැති බවයි. ඒ හේතුවෙන් එම නෞකාව ඉතාලියට සංක්‍රමණිකයන් පිරිස් රැගෙන ඒමක් සිදු කිරීමට සම්බන්ධ බවට සැකයක්ද මතු වී ඇත.

නෞකාවෙන් මුදවාගත් පිරිස් වැඩි දෙනකු පවසා ඇත්තේ ගින්න ඇතිවීමත් සමග ඉතා කලබලකාරී තත්ත්වයක් ඇති වූ බවත්, ඒ හේතුවෙන් සමහර පිරිස් අතර ගුටිබැට හුවමාරුවක්ද ඇති වූයේ දිවි බේරා ගැනීමට උත්සාහ දැරීමේ හේතුවෙන් බව පැහැදිලි කර තිබේ. ඒ අතර සමහරු කාර්ය මණ්ඩලයට දොස් නගා ඇත්තේ හදිසි අනතුරු හැඟවීම් සිදු කිරීමට ඔවුන් ක්‍රියා නොකළ බව පවසමිනි.

Last modified on Wednesday, 31 December 2014 10:25

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us