ටෙන්ඩුල්කාර් දෙවියෙකු වෙද්දී මිතුරු කම්බ්ලි ‘හොරෙකු’ වේ

Published in විදෙස්
Tuesday, 15 July 2014 09:01

ජාතක කතා අතරින් හමුවන සත්ථිකුම්භ ජාතකය සිහි ගන්වන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

එහිදී සත්ථිකුම්භ ජාතකයේ තාපස කණ්ඩායමට එක්වන ගිරවාට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සමාන වන අතර සොර මුළට හසුවන ගිරවාට සමාන වන්නේ, සචින්ගේ පාසල් සමයේ හොඳ ම මිතුරා වූ විනෝද් කම්බ්ලි ය.

සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියානුවන් සලකනුයේ, දෙවි කෙනෙකු ලෙස ය.

එහෙත්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ විනෝද් කම්බ්ලි මේ වන විට මූල්‍යමය වංචාකරුවෙකු බවට ප්‍රසිද්ධියට පත්වී අවසන් ය.

DNS Bank නමැති ඉන්දීය බැංකුවක් විසින් පළ කරනු ලැබූ පුවත්පත් දැන්වීමක සඳහන් වූයේ, විනෝද් කම්බ්ලි සිය බැංකුවෙන් නිවාස සහ රථවාහන ණය ලබාගෙන ඇති අතර එම ණය මුදල්වල වාරික ගෙවීම් රැසක් පැහැර හැර ඇති බව ය.

මේ පිළිබඳව අවස්ථා රැසකදී ඔහුට දැනුම් දී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ හේතුවෙන් ඔහුගේ නිවසට ගිය සිය බැංකුවේ නිලධාරිණියකට ඔහුගේ බිරිඳ පහර දී ඇතැයි ද එම දැන්වීමෙහි සඳහන් වන බව NDTV පුවත් සේවය පවසයි.

හින්දි බසින් පළ කර තිබූ එම පුවත්පත් දැන්වීම පහත දැක්වේ.

(සිරස)

Sachin Vinod-7

 

Sachin Vinod-3

Sachin Vinod-2

Sachin Vinod-5

Sachin Vinod-4

Sachin Vinod-1

Sachin Vinod-6

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us