ලෝක නායකයෝ ත්‍රස්තවාදයට එරෙහිව වීථි බසියි

Published in විදෙස්
Monday, 12 January 2015 10:30

ලෝක නායකයන් ඇතුළු ප‍්‍රංශ ජාතිකයන් ලක්ෂ 37 ක් පමණ ත‍්‍රස්තවාදයට විරෝධය පළ කරමින් විරෝධතා පා ගමනක නිරත වේ.

විදෙස් වාර්තා සඳහන් කලේ ප‍්‍රංශයේ චාලි හෙබ්ඩෝ පුවත්පතට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට විරෝධය පළ කර මෙම පා ගමන කි‍්‍රයාත්මක බවයි. ප‍්‍රහාරය අවස්ථාවේදී පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර පසුව තුවාල ලැබූ තවත් පස් දෙනෙකු මරණයට පත් විය. මෙවැනි ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ලෝකයෙන් තුරන් කර දැමිය යුතු බව මෙම පා ගමන කි‍්‍රයාත්මක කිරීමේ අරමුණයි.

ඒ සඳහා ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඬේ, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්, ප‍්‍රංශ අගමැති මරියානෝ රජෝයි, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් සහ ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්ව සිටියි. ත‍්‍රස්තවාදීන්ට ද මරණ බිය ඇතිවන අන්දමේ ලෝක ව්‍යාපාරයක් නිර්මාණය විය යුතු බව ප‍්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබිණි.

පසුගිය බදාදා ‘චාර්ලි හෙබ්දෝ’(Charlie Hebdo) සඟරා කාර්යාලයට ප්‍රහාර එල්ල කළ තුවක්කු කරුවන් දෙදෙනා පොලීසිය විසින් සිකුරාදා (ජනවාරි 08)මරා දමනු ලැබිණි.

ඝාතකයන් සමග සබඳතා පැවත් වූ පස් දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින බවයි ප්‍රංශ බලධාරීන් පවසයි.

 

Last modified on Monday, 12 January 2015 10:46

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us