පාප් වහන්සේ පිලිපීනයේ

Published in විදෙස්
Friday, 16 January 2015 10:57

පිලිපීනයට වැඩම කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ මැනිලා ගුවන් තොටුපලේ දී එරට ජනාධිපති බෙනින්ග්නෝ අකිනෝ විසින් ගෞරවයෙන් පිළිගනු ලැබිණි.

මෙම අවස්තාව නැරඹීම සඳහා පිලිපීනයේ පවතින උණුසුම් කාලගුණ තත්වය නොතකමින් දැඩි හිරු රශ්මිය යටතේ සිය දහස් ගණනක් පිලිපීන ජාතිකයෝ මැනිලා නුවරට රැස්ව සිට ඇත.

එහිදී පිළිගැනීමේ ගීත ගායනා කෙරුණු අතර පාප් වහන්සේ වීදි සංචාරයේ යෙදුණු රථය දැක ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ පිලිපීන ජාතිකයෝ වීදි දෙපස පෙළ ගැසී සිටියහ.

මේ අතර විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කළේ පිලිපීනයේ මේ දිනවල වීදි දරුවන් කුදලාගෙන ගොස් ඔවුන් රැඳවුම් කදවුරු වල බලහත්කාරයෙන් රැඳවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙහි අරමුණ පාප්වහන්සේ පැමිණීමට පෙර පිලිපීනය ‘පිරිසිදු‘කිරීම බව පැවසේ‍.

බළධාරීන්ගේ ගැහැට වලට වැඩි වශයෙන්ම මුහුණදීමට සිදුව ඇත්තේ පාප්වහන්සේ තම දේව මෙහෙය පැවැත්වීමට නියමිත මැනිලා නගරයේ වීදි දරුවන්ටය.

ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන මැනිලා නගරයට ලක්ෂ 60 කට ආසන්න ජනතාවක් රැස්වනු ඇතැයි අපේකෂිතය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us