ජංගම දුරකතන FB ග්‍රාහකයන් වැඩි පිරිසක් ඉන්දියාවෙන්

Published in විදෙස්
Sunday, 25 January 2015 10:45

අනාගතයේදී ජංගම දුරකථන හරහා 'මුහුණු පොත' (facebook) හා සම්බන්ධ වන වැඩිම පිරිස ඉන්දියාවේ විය හැකි බවට අන්තර්ජාල සමීක්ෂණයක් හෙළි කරයි.

ඉන්දියාව 2017 වර්ෂය වන විට ඇමෙරිකාව අභිභවා යමින් මෙම ස්ථානයට පත්වනු ඇති බව මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබේ. ජංගම දුරකතන ඔස්සේ 'ෆේස් බුක්' සමඟ වැඩිම පිරිසක් සම්බන්ධ වන රට ලෙස දැනට මුල් තැන හිමි කරගෙන සිටින්නේ ඇමෙරිකාවයි.


එරට ලක්ෂ 1,231ක පිරිසක් දැනට ජංගම දුරකතන භාවිතයෙන් 'facebook' සමඟ සම්බන්ධ වන අතර දෙවැනි තැන සිටින ඉන්දියාවේ එම සංඛ්‍යාව ලක්ෂ 1,015ක් වේ. මේ වර්ෂයේදී ඉන්දියාවේ කෝටි දහය ඉක්මවන පිරිසක් ජංගම දුරකතන භාවිතයෙන් 'facebook' හා සම්බන්ධ වනු ඇතැයි පෙන්වාදී ඇති එම සමීක්ෂණය අනුව 2017 වර්ෂය වන විට ඉන්දියාව ඇමෙරිකාව අභිභවා යන බව පෙන්වා දෙයි.

ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සමීක්ෂණ වාර්තාවට අනුව මේ වර්ෂයේදී ජංගම දුරකතන භාවිත කරන බිලියනයක් දෙනාගෙන් සෑම අයකුම මසකට වරක්වත් සිය ජංගම දුරකතනය ඔස්සේ 'facebook' වෙබ් අඩවිය හරහා සම්බන්ධ වනු ඇත.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us