මෝදි දෙවියන්ට මෝදිගේ විරෝධය

Published in විදෙස්
Saturday, 14 February 2015 08:09

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිළිරුවක් දේවාලයක විවෘත කිරීමට දරණ ලද ප්‍රයත්නයක් අගමැතිවරයා ඊට අප්‍රසාදය පලකිරීමත් සමග අදාළ පාර්ශවයන් විසින් අත්හැර දමා තිබේ.

මෝදි හිතෛෂි කොටස් විසින් ඔහුගේ උපන් බිම වන ගුජරාට ප්‍රාන්තයේ කොතාරියා ගම්මානයේ හින්දු දේවාලයක ඉදිකරන ලද මෝදි ප්‍රතිමාව විවෘත කිරීමට සුදානම් කර තිබුණේ ඉකුත් ඉරිදාය.

එහෙත් ඒ පිළිබඳව අප්‍රසාදය පලකරන මෝදි ඉන් තමා මවිතයට පත් වූ අතර එය ඉන්දිය සම්ප්‍රදායට එරෙහි වන්නක් බවද කියා ති‍බේ.

මෝදි ලෝලී කණ්ඩායම නමින් යුත් පිරිසක් මෙම ප්‍රතිමාව ඉදිකර ඇති අතර එහි නායක ජයෙෂ් පටල් පවසන්නේ මෝදි ගේ අකමැත්ත නිසා එම ප්‍රතිමාව දේවාලයෙන් ඉවත්කර ඒ වෙනුවට ඉන්දීය මාතාවකගේ පිළිරුවක් එහි ස්ථාපනය කරන බවයි.

දේශපානඥයින් ,සිනමා තාරකාවන් හා ක්‍රිකට් ශූරයන් ආදිය වෙනුවෙන් දේවාලවල පිළිරූ තැනීම ඉන්දියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් වන බව ප්‍රකාශිතය. මීට පෙර ඉන්දීය අගමැතිනියක වූ ඉන්දිරා‍ ගාන්ධිගේ හා රාම් රාඕ ගේ ප්‍රතිමා දේවාලවල ඉදිකර ඇති බවත් ඉකුත් ජනවාරියේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධිගේ ප්‍රතිමාවක් දකුණු ඉන්දියාවේ විවෘත කර ඇති බවත් සඳහන්ව තිබේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us