ඊජිප්තු ජාතිකයන් විසිඑකකගේ ගෙල කපන වීඩියෝව ව්‍යාජ එකක්

Published in විදෙස්
Sunday, 22 February 2015 09:54

අයිඑස්  සටන්කාමීන් ඊජිප්තු ජාතිකයන් විසිඑක් දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන ආකාරය දැක්වුණ වීඩියෝව ව්‍යාජ සැකසුමක් බව අනාවරණ වී තිබේ .

ෆ්ලොරීඩා හි ත්‍රස්ත පර්යේෂණ හා විශ්ලේෂණ ආයතනය සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනතුරුව එය අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත. එම වීඩියෝවේ ඇතැම් දර්ශන චිත්‍රාගාරයක් තුළ සිදුකර ඇති බව එම පර්යේෂණ සංවිධානය පවසයි.

පසුබිම් දර්ශනය සඳහා වෙනත් ස්ථානයක් යොදාගෙන ඇති අතර, එය මධ්‍යධරණී මුහුදට අයත් ලිබියාවේ උතුර මුහුදේ සියර්තේ මුහුදු ප්‍රදේශය යොදාගෙන ඇති බවට එම පර්යේෂකයන් විශ්වාසය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ වීඩියෝවේ තාක්ෂණික දෝෂ කිහිපයක් පවතින බවයි.

ඝාතනයට ලක්කරන ආකාරය පෙන්වන ඊජිප්තු ජාතිකයන් සහ ඉස්ලාමීය සටන්කාමීන්ගේ සැබෑ උස පිළිබඳවද ගැටලූ පවතින බව වාර්තා වේ. මුහුදේ ඝෝෂාව ලෙස එක් කර ඇත්තේද, ඉතා ජනප්‍රිය හඬපටයකි. ෆ්ලොරීඩාහි පර්යේෂකයන්ගේ අදහස වන්නේ  එම අවස්ථාවේම ඝාතනය සිදුකරන්නේ නම් ලේ ගලායාමක් සිදුවිය යුතු බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us