හිටපු උප අගමැති ඝාතනය ගැන රුසියානු රජයට චෝදනා

Published in විදෙස්
Monday, 02 March 2015 10:15

පසුගිය සිකුරාදා  රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් සාහසික වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. ජනාධිපති පුටින් මෙන් ම රුසියාවේ අනුග්‍රහය ලබන යුක්‍රේන රුසියා හිතවාදී බෙදුම්වාදීන්ගේ ක්‍රියාකලාපය ඔහු මෑත දී දැඩි විවේචනයට ලක්කර තිබේ.

මෙම ඝාතනය පිටුපස රුසියන් රජය සිටින බවට එරට විපක්ෂය සහ යුක්‍රේනය චෝදනා කරති.

හිටපු උප අගමැති නෙම්ට්සොව් අනුස්මරණය කරමින් මොස්කව් නගරයේ ඉරිදා දැවැන්ත පා ගමනක් පැවැත්වීමට රුසියන් විපක්ෂය කටයුතු යොදා තිබිණි. සිකුරාදා ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වූ පාලම මත මල් කළඹ තැබීමෙන් සහ ඉටිපහන් දැල්වීමෙන් ආචාර කිරීමට දස දහස් සංඛ්‍යාත පිරිසක් සෙනසුරාදා එක් වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනය කරන බව රුසියන් ජාතික විමර්ශන කාර්යාංශය පවසයි. යුදෙව් ජාතිකයෙක් වූ හිටපු උප අගමැති අන්තවාදී ඉස්ලාම් අයි එස් ත්‍රස්තවාදීන් අතින් මිය ගියා ද එසේත් නැත්නම් පුටින්ගේ නමට කැළැල් කිරීමට එරට විරුද්ධ පක්ෂයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදු කළා ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානය ‍ෙයාමු කරනු ඇතැයි සඳහන් වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ කරන රුසියන් විපක්ෂ නායක සර්ජි මිට්‍රොක්හින් පවසන්නේ වෙනත් දේශපාලන මත දරන්නන්ට මෙවැනි අතවරවලට මුහුණ දීමට සිදුවේ නම්, රුසියා‍වට අනාගතයක් නැති බවයි. මේ අතර රුසියන් ජනාධිපති පුටින් පවසන්නේ මෙය “ප්‍රකෝප කිරීමක්” බවයි. යුක්‍රේනය ද මේ ඝාතනය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කර ඇත. කෙසේවෙතත් චෝදනා මධ්‍යයේ වුව ද සටන් විරාමයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩි කාර්යභාරයක් ඉටු කළේය.

මේ අතර, යුක්‍රේනයට ගෑස් සැපයීම නතර කිරීමට රුසියාව අර අදින බවට ද වාර්තා වී තිබිණි. කෙසේවෙතත් පසුගිය දා රුසියන් ජනාධිපති පුටින් පවසා තිබුණේ යුක්‍රේන හමුදාවට එරෙහිව සටන් නොවදින බවයි.

Last modified on Monday, 02 March 2015 10:18

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us