අයි.එස් සටන්කාමීන් පෞරාණික නගරයක්‌ විනාශ කරයි

Published in විදෙස්
Saturday, 07 March 2015 11:06

අයි.එස් සටන්කාමීන් විසින් ඉරාකයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පෞරාණික නගරයක් වන නිම්රුඩ්හි පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෝසර් යොදා ගනිමින් සටන්කාමීන් මෙම නගරය විනාශ කර ඇති බවයි.

13 වැනි ශතවර්ෂයට අයත් පෞරාණික නටඹුන් රාශියක් මෙම නගරයේ තිබු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. නගරය ආශ‍්‍රීත ප‍්‍රදේශයේ බලය මේ වන විට පවතින්නේ අයි.එස් සටන්කාමීන් සතුවයි. නගරය විනාශ කිරිමෙන් පසුව අදහස් දක්වා ඇති අයි.එස් සටන්කාමීන් පවසා ඇත්තේ පෞරාණික නටඹුන් සහ ප‍්‍රතිමා සියල්ලම මිත්‍යාවන් බවයි.

අයි එස්  සටන්කාමීන් උතුර ඉරාකයේ සිදු කර ඇති සංස්කෘතික පුරාවස්තු විනාශ කිරීම තරයේ හෙළා දකින බව ඉරාකයේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති අතර උතුරු ඉරාකයේ පෞරාණික නගර ආරක්ෂා කිරීම සඳහා විශේෂ පියවර ගන්නා  බව අවධාරණය කර ඇත. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එම නගරය විනාශ කිරීම පිලිබඳ යුනෙස්කෝ සංවිධානයද විරෝධය පල කර තිබේ.

මීට පෙර ද අයි.එස් සටන්කාමීන් විසින් මෝසූල් නගරයේ පිහිටි කෞතුකාගාරයක පෞරාණික කලාකෘතින් විනාශ කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us