අනතුරට පත් යානයේ සිරුරු හඳුනා ගැනීමට ඩී එන් ඒ පරීක්ෂණ

Published in විදෙස්
Tuesday, 31 March 2015 10:40

මීට දින පහකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයට කඩා වැටුණු ජර්මන්වින්ස්‌ යානාවේ ගමන් කළ මගීන්ගේ සිරුරු කොටස්‌ සොයාගෙන ඇත. එහෙත් මේ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. සිරුරු හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

එසේම යානය අනතුරට පත්කළ බව සැකකෙරෙන සහාය නියමුවාගේ සිරුරු කොටස්ද සොයාගෙන ඇති බව වාර්තා පළ වී ඇත. යානාවේ ගමන් කළ මගීන්ගෙන් 50 කගේ සිරුරු පමණක්‌ දැනට හඳුනාගෙන තිබේ.
සහන සේවා කණ්ඩායම්වලට අනතුර සිදුවූ ස්ථානයට ලඟාවීම ඇති අපහසුව නිසාම මේ වනවිට තාවකාලික මාර්ගයක් ඉදිකරමින් පවතියි.

මේ අතර යානය අනතුරට පත්වීම බලපෑ හේතු පිළිබඳ මතබේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ. මෙයට හේතුව වන්නේ යානයේ තොරතුරු රැස්කෙරෙන කළු පෙට්ටිය තවම සොයාගැනීමට නොහැකි වීමයි. යානයේ සහය නියමුවා අනතුර සිදු කරන්නට ඇති බවට සැක පළ කරන්නේ නියමු කුටියේ තොරතුරු ඇතුළත් උපකරණයේ සටහන්ව ඇති තොරතුරු අනුවයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us