නේපාලයේ නැවතත් සහන සේවා කටයුතු ඇරඹෙයි

Published in විදෙස්
Wednesday, 13 May 2015 09:57

නේපාලයේ ඊයේ සිදු වූ භූමිකම්පාවෙන් පසු නැවතත් මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු අරඹා තිබේ. මෙම භූමිකම්පාවෙන් පසු මරණ හතළිහක් පමණ වාර්තා වී ඇති බව එරට බලධාරීහු පවසති.

සති දෙකක් ඇතුලත එරට සිදුවු රික්ටර් මාපකයේ ඒකක 7 ඉක්මවු දෙවැනි භූ කම්පනය මෙයයි. මෙම භූමි කම්පාව කත්මන්ඩු අගනුවරට නැගෙනහිරින් එවරස්ට් කන්ද අසල නම්ෂේ බෂාර් නගරය ආසන්නයේ සිදුව තිබේ.

භූමිකම්පාව හට හත් අවස්ථාවේ බියෙන් තැති ගත් කත්මණ්ඩු අගනුවර දහස් ගණන් ජනයා නිවෙස් වලින් පිටතට පැන වීදි පුරා දිව ගොස් ඇත.

කත්මන්ඩු අගනුවර පිහිටි ඇතැම් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර තුවාල ලබා ඇති පිරිස දහසකට අධික බව පැවසේ. සහන සේවා කටයුතු සඳහා පැමිණි ඇමරිකා හෙලිකොප්ටර් යානයක්ද අට දෙනෙකු සමඟ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූමි කම්පාවෙන් ඉන්දියාවේද 16 දෙනෙකු මරණයට පත්ව ඇත.නේපාලයේ අද උදෑසන වනතුරුම පසු කම්පන තත්ත්ව වාර්තා වී තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us