ඇෆ්ගන් තරුණියගේ මරණය බලාසිටි පොලිසියේ 11ක් සිරගෙට

Published in විදෙස්
Tuesday, 19 May 2015 16:56

ඇෆ්ගනිස්ථාන අධිකරණය පසුගිය මාර්තු මාසයේදී කාබුල් නුවරදී කලහකාරී පිරිසක් විසින් මරාදැමුණු කාන්තාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඬුවම් නියම කර තිබේ.

පොලිසිය පහරදීම සිදුවන අවස්ථාවේ ඒ අසලම සිට ඇතත් තරුණිය බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක නොවී සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙම දඬුවමට ලක් කොට ඇත.

28 හැවිරිදි ෆර්කුන්දා කුරාණය පිලිස්සු බවට චෝදනාකොට ප්‍රසිද්ධියේ ගල් ගාස මරාදමන ලදී. ඇසින් දුටු සාක්ෂි අනුව සහ විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ ඇය කුරාණය පුළුස්සා නොමැති බවයි.

මීට පෙර ඇෆ්ගන් අධිකරණය මෙම මරණය වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට මරණ දඬුවම් නියම කළ අතර අට දෙනෙකුට සිරදඬුවම් නියම කරන ලදී.

මෙම මරණය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානය තුල මෙන්ම ලෝකය තුලත් පුළුල් විරෝධයක් මතුවිය.

frakunda3

frakunda2

frakunda4

frakunda6

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us