සංක්‍රමණිකයන්ට තාවකාලික පිහිටක්

Published in විදෙස්
Thursday, 21 May 2015 10:12

මුහුදේ අතරමංව සිටින හත් දහසකට අධික සංක්‍රමණිකයන්ට තාවකාලිකව සෙවන ලබා දීමට මැලේසියාව සහ ඉන්දුනීසියාව එකඟතාව පළ කර තිබේ.

ඉන්දුනීසියාව මැලේසියාව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් විදෙස් අමාත්‍යවරු එක්ව සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුවයි ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබෙන්නේ.

එකඟතාවට අනුව වසරක් ඇතුළත මෙම සංක්‍රමණිකයන් නිසි ලෙස නැවත පදිංචි කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතුයි.

සංක්‍රමණිකයන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ජෙෆ් ලැබෝවිට්ස් පැවසුවේ නැවත පදිංචි කිරීම් යටතේ මෙම සංක්‍රමණිකයන් භාර ගන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය වී නොතිබුනත් තාවකාලිකව ඔවුන්ට සෙවන ලබා දීමට එකඟ වීමෙන් බොහෝ ජීවිත බේරා ගත හැකි බවයි.

මේ අතර සංක්‍රමණිකයන් හාරසීයක් පමණ රැගත් බෝට්ටුවක් තායිලන්තය සහ මැලේසියාව අතර මුහුදේ අත්හැර දමා තිබූ අතර මේ වන විට බෝට්ටුව ඉන්දුනීසියාවේ අචේ මුහුදු වෙරළට පැමිණ තිබේ.

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව රැගත් මෙම බෝට්ටුව මාස දෙකහමාරකට අධික කාලයක් මුහුදේ පාවෙමින් තිබුණි.

එම බෝට්ටුවේ පැමිණි සංක්‍රමණිකයන් මානව හිමිකම් ක්‍රියාධරයන් සමග පවසා තිබෙන්නේ, සිය බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිතව තිබූ අතර කිහිප වතාවක් මැලේසියා සහ ඉන්දුනීසියානු නාවික හමුදාව මගින් සිය බෝට්ටුව මුහුද මැදට ඇදගෙන ගොස් දැමුණ බවයි.

(bbc)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us