මාර්ස් රෝග ව්‍යප්තිය හේතුවෙන් කොරියාව අර්බුදයක

Published in විදෙස්
Wednesday, 10 June 2015 09:56

මේ වනවිට දකුණු කොරියාවේ මාර්ස් රෝග ව්‍යාප්තිය හේතුවෙන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ.  මාර්ස් වෛරසයෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති අතර විශාල පිරිසකට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.

මෙම වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් දකුණු කොරියාවේ පළමු රෝගියා සෞදි අරාබියේ සංචාරයකට ගොස් නැවත පැමිණි අයකු බවට තහවුරු වී තිබේ.එසේම 2012 වසරේදී මාර්ස් වෛරසය වැළඳුණු රෝගීන් ප්‍රථම වරට වාර්තා වූයේ සෞදි අරාබියෙනි.

මෙම රෝගය නිසි පරිදි හඳුනාගෙන නොමැති නිසා වැළඳීමට බලපාන හේතු හෝ ප්‍රතිකාර ක්‍රම තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇත.

මාර්ස් රෝගය ව්‍යාපත් වීමත් සමග දකුණු කොරියාවේ සංචාරය තහනම් කර තිබේ. අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එරට බලධාරීන් පෙන්වා දෙන්නේ රටින් පිටවීම හෝ රටට ඇතුළු වීම අනාරක්‍ෂිත වනු ඇති බවයි.

එසේම දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙම සතියේ සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු සංචාරයද  කල් දමා තිබේ. මේවනවිට දකුණු කොරියාව තුල පාසල් සහ විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් වසාදමා  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us