කෙට්ටු වෙන්න හොඳම බෙහෙත red wine

Published in අනං මනං
Wednesday, 24 June 2015 14:12

මධ්‍යසාර බාවිතය ඉතා හොඳ ප්‍රථිපලත් මිනිස්සුන්ට ලබාදෙන බව අපි කිහිප සැරයක්ම පෙන්වා දීලා තියෙනවා. හැම මාධ්‍යසාරයක්ම එකිනෙකට වෙනස් ප්‍රතිලාබ  මිනිස්සුන්ට ලබාදෙනවා.

මේ කියන්න හදන්නෙ වයින් ගැන. නවතම පරීක්ෂණයකට අනුව තහවුරු වෙලා තියෙන්නෙ red wine වලට ශරීරයේ තරබාරු බව අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි.  

මේ ගුණය බෙරි සහ මිදිවලත් තිබෙන බවයි ඔවුන්ගෙ මතය. බොහෝවෙලාවට වයින් සඳහා යොදාගන්නෙ මිදි බව අපි හැමෝම දන්නවා.

මේවායෙහි අඩංගු සංඝටකවලට  ශරීරයේ තැන්පත්ව ඇති මේදය දහනය කිරීමේ හැකියාව ඇති බව පරීක්ෂකයින් පවසනවා.

මේ සඳහා ඔවුන් මීයන් යොදාගෙන පරීක්ෂණයක් සිදු කොට තිබෙනවා. පරීක්ෂණය සඳහා ඔවුන් යොදාගත් මීයන්ට වයින්වල අඩංගු සංඝටකයක්වන resveratrol දිනපතා අවුන්ස 12 බැගින් ලබාදීලා තියෙනවා. එහිදී පෙනීගොස් තිබෙන්නේ එය ලබානොදුන් මීයන්ට සාපේක්ෂව   resveratrol ලබාදුන් මීයන්ගේ බර සියයට 40න් අඩු වී ඇති බවයි.

විද්‍යාඥයන් නිගමන කරන පරිදි resveratrol මීයන්ගේ ශරීරයේ ඇති කැලරි දහනය කර  ශරීරයේ බර පාලනය කරනු ලබයි.

ඒවගේම polyphenol අඩංගු ආහාර අනුභාවයෙනුත් මෙවැනි ප්‍රතිලාබ අත්විය හැකි බව ඔවුන් පවසනවා.

මේ පරීක්ෂණය  මෙහෙයවපු මහාචාර්ය මින් ඩූ පවසන්නෙ වයින්වල සහ යම් යම් පලතුරුවල අඩංගු polyphenol ජානවල ස්වබාවය වෙනස් කරලා ආහාර  මේදවල ඔක්සිකරණය ඉහල දමන බවයි. ඒ හරහා ශරීරයේ තරබාරු බව පාලනය කෙරෙනවා.

මේ අනුව polyphenol අඩංගු පලතුරු ලෙස ස්ටෝබෙරි, ඇපල්, බෙරි, මිදි හඳුන්වනවා.

ඒවගේම මහාචර්යවරයා  පවසන පරිදි වයින් නිපාදවීමේදී සිදුවන පෙරීමේ ක්‍රියාවලිය නිසා වයින්වල ශරීරයට හිතකර ද්‍රව්‍ය අඩංගු වෙන බවයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us