ලෝකයේ සතුටින්ම සිටින රට පැනමාව

Published in අනං මනං
Friday, 26 June 2015 11:58

ලෝකය විවිධ වර්ගයේ සංගණන සිදුවෙනවා. මේ එක් සංගණනයක් තමයි ලෝකයේ සතුටින්ම සිටින රටවල් නම් කිරීම.

ලෝකයේ සතුටින්ම සිටින රට හැටියට මෙතෙක් කාලයක් සැලකුණේ ස්විස්ටර්ලන්තය. නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරන Gallup-Healthways Well-Being වාර්තා පෙන්වා දෙන්නේ ලෝකයේ සතුටින්ම සිටින රට පැනමාව බවයි.

Gallup-Healthways ලෝකයේ ජනතාවගේ තොරතුරු එක් රැස්කර ඒ ඇසුරින් තම වාර්තා නිකුත්කරන ලොව විශාලතම ආයතනයක් ලෙස සැළකෙනවා.

ඔවුන් රටවල් 145ක මිනිසුන් 146000 ක් යොදාගෙන ඔවුන්ගේ අරමුණු, සමාජ ක්‍රියාකාරිත්ව, ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය, මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ සිදුකරපු සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙන්නේ පැනමාව  ඉදිරියෙන් සිටින බවයි. ඒත් සමහරු මේකට හේතුව පැනමාව බියර් නිෂ්පාදනයෙන් ඉහලින්ම සිටීම ලෙසත් දකිනවා.

පැනමාව යුරෝපා ජාතීන්, ස්වදේශික ජනතාව  සහ අප්‍රිකානු ජනතාවගේ  එකතුවකින් සැදුනු රටකි.

සතුටින්ම සිටින රටවල්  අනුපිළිවෙලින් මෙසේයි. පැනමාව, කොස්ටාරිකා, පුඑර්ටෝ රිකෝ, ස්විස්ටර්ලන්තය, බෙලිස්, චිලී, ඩෙන්මාර්ක්, ගෝතමාලා, ඔස්ට්‍රියා, මෙක්සිකෝ.  මේ රටවල් අතරට ලතින් ඇමරිකානු රටවල් 07ක් ඇතුලත් ව තිබීමද විශේෂත්වයකි.

මේ වාර්තා අනුව ඇමරිකාව 44 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. මිනිසුන් අඩුවෙන්ම සතුටින් සිටින රට ලෙස සඳහන් වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us