2016 ඔලිම්පික් ගිණි සිළුව නිරාවරණය කෙරේ

Published in විදෙස්
Saturday, 04 July 2015 10:03

2016 ඔලිම්පික් තරගාවලිය සඳහා යොදා ගැනෙන ගිනිසිළුව රියෝ දි ජනයිරෝ නගරයේ පැවති උත්සවයකදී බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් විසින් විවෘත කරන ලදී.


ගිනිසිළුව බ‍්‍රසීලයේ නගර 300 ක් හරහා රැගෙන යාම සඳහා පුද්ගලයින් දොළොස් දහසක් තෝරා ගැනෙන බව පැවසේ. මෙම සෑම පුද්ගලයෙකුම අදාළ ගිනිසිළුව මීටර් 300 ක දුරක් රැගෙන යනු ඇති.

මෙම ගිනිසිළුව කිලෝග‍්‍රෑම් 1 ත්, කිලෝග‍්‍රෑම් 1යි දශම 5ත් අතර බරකින් යුක්තයි. එසේම ඔලිම්පික් තරඟාවලිය ලබන වසරේ අගෝස්තු 05 ඇරඹීමට නියමිතයි.

මේවනවිටත් බ්‍රසීලය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඩිල්මාගේ ජනප්‍රියත්වය හීන වෙමින් පවතින අතර ඔලිම්පික් ගිනිසිළුව විවෘත කරමින් ඇය පැවසුවේ අභියෝග ජයගනිමින් ආරක්ෂිත සහ සාර්ථක තරඟාවලියක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us