ඊජිප්තුවේ ඉතාලි තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

Published in විදෙස්
Saturday, 11 July 2015 12:42

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලය අසල  කාර් බෝම්බයක්  පුපුරා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.

ඊජිප්තු බලධාරීන් පවසන පරිදි අද(11) උදෑසන සිදුව ඇති මෙම ප්‍රහාරයෙන් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

පසුගිය මාසයේ කයිරෝ අගනුවර පොලිසියට සහ අධිකරණ ප්‍රධානියෙකුට එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඊජිප්තු හමුදාව මේ වනවිට ඉස්ලාමීය කැරළිකරුවන් සමඟ සටන් වැද සිටින අතර එම සටන් සිනයි  පෙනින්සියුලා ප්‍රදේශයට පමණක් සිමා වී ඇති බව වාර්තා වේ. පසුගිය වසර දෙකක කාලයක් තුල එරට පොලිසියේ සහ හමුදා සාමාජිකයන් 600ට අධික පිරිසක් ඊජිප්තු සටන්කමීන් විසින් මරා  දමා  ඇත.

2013 වසරේ මුස්ලිම් සහෝදරත්වයේ නායක එවක  හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කිරීමත් සමඟ සටන්කාමීන්ගේ ක්‍රියාකාරම් වැඩි වී ඇති බව පැවසේ. කෙසේවෙතත් වර්තමාන ජනාධිපති අබ්දුල් පටාහ් පවසන්නේ මෙම ගැටුම් ඉක්මනින්ම අවසන් කිරීමට පියවර ගන්නා බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us