සැඟවූවන් අනාවරණය කිරීමේ අලුත් කලාව(photos & video)

Published in අනං මනං
Monday, 13 July 2015 12:51

මිනිස්සු විවිධ ආකාරයට තමන් තුල තියෙන ප්‍රතිවිරෝධයන් සමාජයට මුදාහරිනවා. මෙහිදී  කලාකරුවන් තමන්ගෙ ප්‍රකාශන මාධ්‍ය කරගන්නෙ තමන් යෙදෙන කලාව. ඒ විදිහේ කලාකාරයෙක් තමයි Paolo Cirio.

ඔහු එකසත් ජනපදයේ රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන්ගේ ඡායාරූප stencil technique තාක්ෂනය යටතේ මුදණය කරවා ලෝකයේ ප්‍රධාන නගර කිහිපයකම අලවා තිබෙනවා. ඒවගේම ජර්මනියේ බර්ලින් අගනුවර Nome කලාගාරය තුල ඔහු මේ ඇසුරින් ප්‍රදර්ශනයක් පවත්වනවා.

මේ ප්‍රචාරණයේ අරමුණ ලෙස සඳහන් වන්නේ  සාමාන්‍ය මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට ඇතුළු වී ඔවුන්ගේ තොරතුරු සහ ඡායාරූප ලබාගන්නා ආකාරයටම  මෙවැනි පුද්ගලයන්ගේද තොරතුරු සොයාගත හැකි බව පෙන්වා දෙමින් දේශපාලන උපහාසයක් එල්ල කිරීමයි. Paolo Cirio ප්‍රජාතාන්ත්‍රික, ආර්ථික, පෞද්ගලිකත්වය, විනිවිධ බාවය, ප්‍රතිරූපන අයිතිය පිළිබඳ සංකල්පයන් ගවේෂණය කරන්නෙක් ලෙස ප්‍රකටයි. Paolo Cirio පිළිබඳ තබන ලද සටහනක් පහත දැක්වෙනවා.

 

'බුද්ධිමත්වුවන්ගේ ඔත්තු බලන' ඉතාලියන් ‘Banksy’

එක්සත් ජනපද ඉහල පෙළේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ පෞද්ගලික ඡායාරූප හැඩ අච්චු තාක්ෂණය (stencil technique) යටතේ ප්‍රතිසංස්කරණය කර ලොව පුරා ප්‍රධාන නගරවල බිත්ති මත ඔහුන්ගේ පිංතුර සහිත චිත්‍ර එල්ලයි. ඉතාලි කලාකරු සමුහ  'බුරුසුවක්-සහ-තීන්ත' යුද්ධයකට වඩා බලවත් බව ප්‍රකාශ කරයි.

ටියුරින් මත පදනම් සංකල්පනීය මෙම චිත්‍ර ශිල්පියා Paolo Cirio ලෙස නමක් පටබැඳ ඔත්තු බැලීමේ ව්‍යාපාරයට අදාල වන ' පෞද්ගලික සන්නිවේදන එකතුව පිළිබඳ බුද්ධි මෙහෙයුම්,ප්‍රකාශන සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපකිර්තියට පත්වන සිද්ධි' මොහු විසින් ඉලක්ක කරයි. මෙයට ඔහු විසින් නමක් යොදා ඇත.ඒ  “Overexposed.” වේ.

ඉහළ පෙලේ ඔත්තුකරුවන් 'overexpose' කිරීම සඳහා, Cirio ඔහුන්ගේ ඡායාරූප බලයි.ඒ ඡායාරූප කණ්ඩ මෙසේ ය.  අනවසර ඡායාරූප (unauthorized photos),selfies  ඡායාරූප,පවුලේ උත්සව  ඡායාරූප,වෙනත් සමීපයන්ගේ ඡායාරූප ඔහු විසින් බලා 'overexpose' කරයි.

NSA සහ CIA නිලධාරීන්ගේ කුලුපග ඡායාරූප එවකට නිව් යෝර්ක් නගරයේ, ලන්ඩන්, බර්ලිනය හා පැරීසිය තුල "පෝස්ටර් සහ බිතු සිතුවම් ලෙස පෙනී" දිස් විය.

palo22

මෙම නිර්මාණයන්ගේ ඉලක්ක වුයේ වත්මන් ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) නිලධාරීන් හතර දෙනෙකුය. ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා Michael Rogers සහ Snowden හෙලිදරව් පසු කෙටි කලකට ඉල්ලා අස් වූ නියෝජීත ආයතනයේ Michael Hayden ,James Clapper මෙන්ම Keith Alexander යන නිලධාරීන් ඉලක්ක විය.

cairo main1

මොහුගේ නිර්මාණයන්ට ඉලක්ක වු නිලධාරීන් වන මධ්‍යම ඔත්තු සේවය ඒජන්සීය (CIA) John Brennan,David Petraeus,Avril Haines යන ප්‍රධාන නිලධාරීන් ද වේ.

cairo main2

cairo main3

cairo main4

මෙම චිත්‍ර ශිල්පියා පවසන්නේ,මෙම ඡායාරූප විදී අතර මිනිසුන් දැකිය හැකි නිසා ඔහුන් සමාජ මාධ්‍යය මගින් ද මෙය බෙදා හදා ගනු ඇත යන්නයි. එයින් මෙම දේශපාලනඥයන්,නිලධාරීන් වඩාත් නිරාවරණය කිරීමට ඔහු මෙම කලාත්මක මාධ්‍ය භාවිතා කර ඇත.

 

ලහිරු මධුසංඛ ලියනආරච්චි

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us