ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

Published in පුවත්
Wednesday, 05 November 2025 19:41

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‘ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත්, ඒවට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවත්ය.

එමෙන්ම නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවද ඔහු පවසා තිබේ.

ධීවරයින්ගේ ජීවනෝපායික ගැටලු තිබෙන බව පිළිගන්නා නමුත්, ආදායම් උත්පාදන ක්‍රියාවලිය නීතියානුකූල විය යුතු බවට රජයන් දෙකම සහතික විය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කර ඇත.

"ස්ථිර නීති රාමුවක් නොමැතිව ක්‍රියාත්මක වීමට වඩා, දෙපාර්ශ්වයම කල් පවතින විසඳුමක් සඳහා එකට වැඩ කළ යුතුයි" යනුවෙන් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම කච්චතිව් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයින් ඇතුළු වීම සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩ ගැටලු පවතින බවත්, බොහෝ විට අත්අඩංගුවට ගැනීම් සහ සමුද්‍රීය මායිම් සම්බන්ධයෙන් ආරවුල් ඇති කරන බවත් ඔහු පවසා ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේ දී කතාබහට ලක් වූ කරුණු ද මෙම සාකච්ඡාවේ දී ANI පුවත් ඒජන්සිය විසින් උපුටා දක්වා තිබුණි.

ඔවුන් සඳහන්කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදු වූ හමුවේ දී මෙම ගැටලුව 'සංවේදී ගැටලුවක්' ලෙස පවසා තිබූ බවය.

ඒ අනුව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස දෙරට අතර සාකච්ඡා සිදුකරන බව පවසා තිබේ.

මෙම ධීවර ගැටලුව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල දැඩි මතභේදාත්මක අංගයක් ලෙස පවතී.

පෝක් සමුද්‍ර සන්ධියේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු ජල තීරුව දෙරටේම ධීවරයින් සඳහා පොහොසත් ධීවර භූමියක් ලෙස සැලකේ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us