ඇමැතිගේ සෙල්ලම් නිසා ක්‍රිකට් තහනම් වෙයිද? ඇමැති පට්ටමට තට්ටු වෙයිද?  

Published in Gossip
Monday, 06 November 2023 15:10

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවදුරටත් සම්බන්ධ වී සිටින අතර තුර කණ්ඩායමේ අසාර්ථකත්වයන් පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් පියවර විවාදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ.

එසේම මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් නොකිරීමට ඇමැතිවරයා විසින් පියවර ගැනීම සිදු තිබිණි. එසේම මෙම ක්‍රියාමාර්ගය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පසුව කළ දැනුම් දීමද නොතකා අතුරුපාලක මණ්ඩලය රැස් කිරීමට ඇමැතිවරයා කටයුතු කර ඇති බවද වාර්ථා වේ.

කොහොම නමුත් මේ වන විට ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කරමින් සිටින ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙමම තත්වයන් නිසා මානසික පසුබෑමකට ලක්වීම අනිවාර්ය තත්වයක් වනු ඇත. තරගාවලිය අසාර්ථන වුවද අවසානය දක්වා යම් ජයග්‍රහණයක් වෙනුවෙන් තරග කිරීම නම් කණ්ඩායම තුළ හොඳ මානසිකත්වයක් පවත්වාගෙන යෑම අවශ්‍ය තත්වයකි. එසේම අතුරු පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කළ අර්ජුන රණතුංග හිටපු ක්‍රිකට් නායකයා පසුගිය දිනවල මාධ්‍යය තුළින් සිදු කළ තර්ජනය කිරීම් සහ බිය වැද්දීම් නිසා කණ්ඩායම තුළ කළඹලකාරීත්වය උත්සන්න වී ඇති බව ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා ඔවුනට තමන්ගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇති ඉඩ අවහිර වී ඇති වටපිටාවක මෙම පියවර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව ඇත.

එමෙන්ම පසුගිය යහපාලන කාලයේ ඇමතිවරයකු ලෙස අසාර්ථක හා චෝදනාවන්ට ගොදුරු වූවකු වන අර්ජුන රණතුංග, එවැනිම චෝදනා ඇති උපාලි ධර්මදාස මෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ පුතා වන රඛිත රාජපක්ෂ සහ හිටපු ආණ්ඩුකාරවරයතු වූ මුසම්මිල් ගේ පුත් හිශාම් ජමල්ඩීන් ගේ පත්කිරීම්වලට මේ වන විටත් සමාජ මාධ්‍යයෙන් සහ ජනතාවගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී.

කොහොම නමුත් ක්‍රිකට් අසාර්ථක වීම පරිපාලනයේ වරදක් පමණක් බවට ඇමැතිවරයා තීන්දු කළේ කවර පදනමක් මතද යන්න රහසකි. එමෙන්ම අතුරු කමිටුවට සාමාජිකයන් නම් කළේ කවර පදනමක් මතද යන්නද රහසකි. එසේම ජනාධිපතිවරයාව නොතකා වැඩ කිරීමට තරම් හයියත් ඇමතිවරයාට ලැබුණු සැටිත් රහසකි.

මේ ව්‍යකූල තත්වයන් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට දේශපානික ඇඟිලි ගැසීම් කිරීම මත ජාත්‍යන්තර ක්‍රකට් සංගමය යම් විමසීමක් කළ හැකි අතර එය මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකින් මෙහා නතර තරගැනීමට හැකිවුවහොත් වාසනාවකි. එසේම ජනාධිපතිවරයා මෙම සම්බන්ධයෙන් සෘජු පියවරක් ගැනීම විය හැකි අතර ඒ අනුව අසාර්ථකම ක්‍රිඩා ඇමැතිවරයකු වන රොෂාන් රණසිංහගේ ඇමැති පට්ටමට තට්ටුවීම සිදු වුණහොත් එයද වාසනාවකි.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us