චතුරගෙ මංගල කතාව 'it's a fearless love story'

Published in Gossip
Saturday, 01 September 2018 20:48

අරලියගහ මන්දිරයේ පැවති ඇමති රාජිත පුත් චතුර සේනාරත්නගේ මංගල උත්සවයට පැමිණි විශාල පිරිස අමතා චතුර පැවැත්වූ කතාව මේ වනවිට සමාජ ජාල තුළ කථාබහට ලක්ව පවතී. පහත පළවන්නේ එම සම්පූර්ණ කතාවයි.

‘මේ රාජිත සේනාරත්නගේ පුතා තමයි මේ චතුර සේනාරත්න. ඉතිං අපි දෙන්නාගේ ආදර කතාව සහ ජීවිතය අවුරුදු එකොළහක්.නමුත් අපි අද අළුත් යුගයක් ආරම්භ කරනවා. ඉතිං ඒ ආදරය සෙනෙහස සහ බැඳීම පිළිබඳව ජීවිතානයෙන් මාහට කියා දුන්න මගේ මවත් පියත් දෙපලට මම හිස නමා භක්තිය පුද කරනවා. ඒ වගේම මම දැකපු කාන්තාවක් තමයි සරූපාගේ මෑණියන්.තමන්ගේ ස්වාමිපුරුෂයා නැතුව, මෙතුමිය සරූපා සහභාගී වූ සියලුම පුද්ගලික ටියුෂන් පංති හැම එකකටම ගිහිල්ලා ඉඳගෙන හිටියා. ඒ කාලේ මෙතුමියගේ සහෝදරයා මගේ හොඳම යාළුවා අපි විහිළු කරන්නේ කොල්ලෙක්ට ඇහැක් ඇරලා බලන්න දෙන්නැති ලංකාවේ ඉන්න එකම ගෑනු ළමයා කියලා .මම වාසනාවන්ත වුණා ඒ ගෑනු ළමයව මගේ බිරිඳ කරගන්න හැකිවීම පිළබඳව.ඊට පස්සේ ඒ විදිහටම මාවත් ආරක්ෂා කළා.

මමත් විශ්ව විද්‍යාලය ඉස්සරහා මාස හයක් හිටියා.ඒ නම් කොල්ලොන්ගෙන් ආරක්ෂා කරගන්න නෙමෙයි. විශ්ව විද්‍යාලයට යන්න බෑ කියපු හින්දා. මොකද ඒකට හේතුවක් තියනවා එතුමිය මේ රටේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරිලා මෙතන මේ අපිට ආශිර්වාද කරපු රතන හාමුදුරුවෙන්ගේ ඉල්ලීමට මාව දාලා යන්න එපා කියලා ඒ සියල්ල කැප කරලා වෛද්‍ය උපාධිය කැප කරලා මාත් එක්ක හිටියා.

අම්මා ඇතුළු පවුලේ සියලුම අය පරම්පරා ගණනාවක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. මේ දෙපළටම ඒ ඇමරිකානු පුරවැසිභාවය හිමිවුණා. මේ අම්මා තනියම යනකොට ඒක අතඇරපු දියණියක් මේ. එවකට හිටපු ඇමරිකානු තානාපතිවරයා ඒ ප්‍රතික්ෂේප කිරීමේ ලියුම දෙනකොට මට කිවුවේ මගේ අවුරුදු තිස් එකක තානාපති සේවය තුළ ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරපු එකම පුද්ගලයා කියලා. ඒ මොකද අප දෙන්නටම එක දෙයක් අවශ්‍යතාවයක් තිබුනා.ඒ තමයි මේ රට වෙනස් කරන්න. ඒ වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් අපේ පුද්ගලිකත්වයට එහා ගිය ආත්මාර්ථයට එහා ගිය පරාර්ථයක් වෙනුවෙන් අපි සටන් කලා.

මම බොහෝ තැන්වල සටන් කලා.අපි බොහෝ තැන්වල ජයග්‍රහණය කළා.බොහෝ දුක් කම්කටොලු වලට අපි මුහුණදුන්නා. ඉතිං ඒ සියලු දේවල්වලට මුහුණදීලා ඉදිරියට යන්න දේශපාලනඥයෙක්ගේ දරුවෙක් නොවී දේශපාලනය හදාරලා දුක් විඳලා ඒ සියලු දේවල් වලින් මේ ජීවිතය ගොඩනගාගැනීමේ පරමාදර්ශයක් වූ මගේ පියා මව ඇතුලු ඒ දෙපළටත් සරූපාගේ මවටත් මා නැවතත් හදවතින්ම ස්තූතිය පුද කරනවා.

එ වගේම අද මෙතන මේ මංගල උත්සවය මේරටේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙතන ගණන් කරොත් ඥාතීන් කියලා ඉන්නේ විස්සකට අඩු ප්‍රමාණයක්. නමුත් මම ආඩම්බරයෙන් කියනවා සාමාන්‍යයෙන් දේශපාලඥයෙක්ගේ විවාහ උත්සවයකට නැත්නම් ඇමතිවරයෙක්ගේ දරුවෙක්ගෙ විවාහ උත්සවයකට මේ ශාලාව ඇතුල පුරවලා ඉන්නේ ව්‍යපාරිකයෝ. නමුත් මම අභියෝග කරනවා මේ ශාලාවේ ඉන්න එක ව්‍යාපාරිකයෙක් හෝ මෙතන තමුන්නාන්සේලා මට ඇඟිල්ල දික් කරලා පෙන්නුවොත් මම හෙට මන්ත්‍රී ධූරයෙන් අයින් වෙනවා.

මෙතන ඔක්කොම ඉන්නේ අපි වෙනුවෙන් අපේ පරමාර්ථ වෙනුවෙන් අපේ සටන් ව්‍යාපාර වෙනුවෙන් අපේ සිවිල් ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රමය ධනය කාලය මෙන්ම ලේ කඳුළු දහඩිය වසර ගණනාවක් පුරාවට හලපු මිනිස්සු. අද ඇවිල්ලා මට එක්කෙනෙක් ලියුමක් දුන්නා තෑග්ගක් හැටියට සුසිලා වත්තේගම මහත්මිය ශ්‍රි ලංකා මහජන පක්ෂයේ කාන්තා සංවිධානයේ.මම 1990 එතුමියගේ පුතාට විදේශගත වෙන්න ඉන්නකොට ලියපු ලියුමක්.ඒ ලියුමේ කියනවා අපි දේශපාලනය කරන හැටි කුඩා දරුවෙක්ගේ ඇසින්.

ඉතිං ඒක හින්දා එදා ඉඳන් අද දක්වා අපිත් සමග හිටපු සියලු අයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මම ආරාධනා කරා වගේම ඔවුන් හැමදාම මාත් එක්ක හිටියා.ඉතිං ඒ සියලු දේවල් වලට මේ ස්ථානය ලබලා දීපු, මට නැකත් ලැබෙනකොට ලංකාවේ කිසිම උත්සව ශාලාවක් තිබ්බේ නෑ මේ මංගල උත්සවය පවත්වන්න. ඒ මෙහොතෙදි මේ ශාලාව ලබලා දීපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මම හදවතන්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපි දෙන්නා මීට කලකට පෙර රුවන්වැලි සෑයෙදි අතින් අත අරගත්තා.ඒ මොහොතෙදි සියලු වැඩකටයුතු දාලා අපිත් සමග අත්වැල් බැඳගත්තා අද විදේශගතව ඉන්න අතිගරු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

එතුමා අද උදෙත් කතා කරලා කිවුවා ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඒ අවශ්‍ය පින්තූර ටික ගන්න කියලා. ඒක හින්දා එනකොට එතන පින්තූර ටිකත් අරගෙන අපි ආවේ.

ඒ වගේ අපිට ආදරය කරන නායකයො ඇතුලු සියලු දෙනාටම මෙතනට ඇවිල්ලා ඉන්නවා පක්ෂ භේදයකින් තොරව සියලුම මැති ඇමතිවරු උතුරේ ටී.එන්.ඒ ඇතුලු සියලුම පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සියලු දෙනාටම මම හදවතින්ම අපි දෙන්නාගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන දහතුනම නියෝජනය කරලා දාහකට වැඩි පිරිසක් අද මෙතන ඉන්නවා. මම ආඩම්බර වෙනවා මේ රටේ මන්ත්‍රීවරයෙක් කවදාවත් තමන්ගේ ආසනයේ ඉන්න සබැඳියන් සහෘද්ධයන් එක්ක මගුල් කාපු ඉතිහාසයක් මේ රටේ නෑ.මම ඒක අද අරම්භ කරා. ඒ වගේම මම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මේ රටපුරා විසිරී සිටින මන්ත්‍රීවරු ඇතුලු සංවිධායකවරු සියලුම දෙනාද මෙතන ඉන්නවා එදා ජනවාරි 8 වෙනිදා ජීවිතයත් මරණයත් එක්ක එදා අපිත් එක්ක සටන් කරා වගේම මගේ මේ සුභ නිමිත්තේදිත් මට සෙවණැල්ලක් වෙලා ඉන්නවා ඒ සියලු දෙනාටම ස්තූතියි.

ඒ වගේම මෙතෙන්ට පැමිණි නන් අයුරින් අපිත් එක්ක අපේ ජීවිත කාලය පුරාවටම සම්බන්ධ වුණ අපිත් සමග ගමන් කරපු සියලුම දෙනාට ඒ දක්වපු සහයෝගයට මම හදවතින්ම ගෞරවය පුද කරනවා.ඒ වගේම සුවිශේෂීම සහ විශේෂම ගෞරවය සාමාන්‍ය පුද්ගලයෙක්ට සල්ලිවලට කරන්න යන දේ මට බොහෝ වෙලාවට ආදරය තුළින් ලැබුණු පුද්ගලයෙක්.ඒක හින්දා මේ පෝරුවේ ඉඳන් අර ආහාර ගන්න තැනේ ඉඳන් අර ඉඳගෙන ඉන්න තැන වෙනකල් මේ සියලු දේවල් නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපරයේ කලා සංස්කෘතික හා නිර්මාණ අංශයේ සියලුම සහෘද්ධයෝ මගෙන් සල්ලි ගන්නේ නැතුව ඒ ඔවුන්ගේ ශ්‍රමය ධනය කාලය කැපකරලා මං වෙනුවෙන් ඒ සිදුකළ ඒ සියලුම සේවයට මම ඔවුන්ට හදවතින්ම ආචාර කරනවා. වගේම ඔවුන් සියලු දෙනාට මගේ ජීවිත කාලය පුරාවටම ණයගැතියි කියලා මම ප්‍රකාශ කරනවා.

ඒක හින්දා මේ විවාහය ආරම්භ කරපු තීන්දුව ගත්ත දවසේ ඉඳන් ලංකාව වටේ විසිරිලා ඉන්න සියලුම අය,විදේශගතව ඉන්න අපේ සහෘදයන් සියලුම අයත් මටත් වඩා මේ වෙනුවෙන් කැප වෙලා ඒ අවශ්‍ය සහයෝගය ලබලා දුන්නා.ඒක හින්දා මේ රටේ ඉතාම වෙනස් අකාරයේ ආරාධනා පත්‍රයක් ඇතුළු බොහෝ දේවල් නිර්මාණය කරන්න ඒ මගේ සහෘදයෝ ආනන්ද විද්‍යාලයේ මාත් එක්ක ඉගෙනුම ලබපු සහෘදයෝ ඇතුළු මේ අපේ සිවිල් ව්‍යාපාරයට සම්බන්ධ අය ලෝකේ වට හිඳගෙන මට අවශ්‍ය මට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා.ඒක හින්දා මගේ පියා ඉස්සරලම ඉඩම් ඇමති වුන දවසේ එතුමා සමග මම ගියා එවකට හිටපු ජනධිපති ඩී.බී විජේතුංග මහතා මුණගැහෙන්න.

ඒ ජනාධිපතිවරයට ස්තූති කරන්න ඒ මොහොතේ 2001 දෙසැමබර් 8 වෙනිදා ගියේ ඉඩම් ඇමති රාජිත සේනාරත්න අමාත්‍යවරයා විතරයි. එතකොට මෙතුමා ඒ ජනාධිපතිවරයාට කිවුවා අනික් ඔක්කොම ගංගාරාමේ පන්සලේ අගමතිතුමා එක්ක පූජාවකට යනකොට චතුර තමයි කිවුවේ මාව පාර්ලිමේන්තුවට පත් කරපු ඩී.බී විජේතුංග ජනාධිපතිතුමාට ඉස්සෙල්ලම අපි ස්තූති කරමු කියලා.ඒ තුළින් ගොඩනැගුණ එතුමත් කොහොමත් නිදහස් ජීවිතයක් ගත කළේ මමත් ඒ මෙහොතෙදි එතුමත් සමග බොහොම ලෙන්ගතු වෙලා එතුමා දිනපතාම මට කතා කරන්න පොරොන්දු වුනා.

කතා කරන්න සිදු වුණා.ඒ කතා කරනකොට එතුමා හැමදාම කියපු දෙයක් තමයි සල්ලි හම්බ කරන්න එපා දේශපාලනයෙන් ඒ ගමන කවදාහරි අවසාන වෙනවා.නමත් මිනිස්සු හම්බ කරන්න ඒ ගමන සදාතනිකව අමරණීය වෙනවා.ඒක හින්දා ඒ මිනිස්සු හම්බ කරා ඒ මිනිස්සු අද මාත් එක්ක මට අවශ්‍ය හැම මොහොතෙදිම හිටගන්නවා.ඒක හින්දා ඒ සියලුදෙනාටම මගේ හිස නමා ආචාරය පුද කරමින් මේ අපි දෙන්නාගේ අකාලික වූ ප්‍රේමය සදාතනික මතකයක් බවට පත්කරන්නට අපිත් සමග අත්වැල් බැඳගත්ත ඔබ සියලු දෙනාටම මේ රටේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් පැමිණි සියලු දෙනාටම තරාතිරම නොබලා හදවතින්ම මගේ ගෞරවාචාරය පුදකරන අතර මම එක වචනෙකින් අපේ ආදර කතාවේ තේමාව අවසන් කරන්නම් it's a fearless love stroy - තෑන්ක් යූ'

Last modified on Saturday, 01 September 2018 20:49

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us