විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළේය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (29) විභාගයට ගැණුනි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන බොහෝදෙනාගේ ප්‍රසාදයට හේතුවුවද වෙනස්කම් වලට භාජනය වූයේ කුමන කරුණුද යන්න අවධානයට ලක්විය යුතුය.
නේපාල ජනතාව හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ භුමිකමපාවෙන් පසු ,තවමත් සහන සේවා ළගා නොවූ ගම්මාන වෙත සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වී ඇත.
විධායක ජනාධිපති ධුරය ඇති කළ එක්සත් ජාතික පක්ෂයම එහි බලතල ඉවත් කිරීමටත් කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.එස් වීරසිංහ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේවන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින වාර්තාවේ.
හිටපු අගවිනුසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මියට ජාතික සංවර්ධන බැංකුවේ (NDB)කිසිඳු බැංකු ගිණුමක් නැති බැවින් ඇය සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන ලෙස අල්ලස් හා දුෂණ කොමිසමෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ලෙස මහතා ඉල්ලා සිටියි.
අත්අඩංගුවට ගත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ඉසුරු ශාන්තකුමාර මහතා නියෝග කළේය.