නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කර පැරැණි ක්‍රමය යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බව (17) දා රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

දින 100 වැඩසටහන වැනි  සාර්ථක වැඩසටහනක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුළුමනින්ම රජයේ මහ භාණ්ඩාගාරය මත යැපෙන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නඩුහබ සදහා රජයේ නීතීඥයන් වෙනුවට පෞද්ගලික අංශයේ නීතීඥයන් යොදාගැනීම නිසා එම බරත් මහ භාණ්ඩාගාරයටම දරන්නට සිදුවී තිබේ.

සන්ධානය ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින් 'මෛත්‍රී- මහින්ද' සමගි කිරීමට වෙහෙසෙද්දී, 'මහින්දවාදීන්' කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කිරීම සඳහා ප්‍රතිපති ප්‍රකාශනයක් ද කෙටුම්පත් කර මුද්‍රණයට සුදානම් කර තිබේ.

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණි.

පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ පරාජිත මහින්ද රාජපක්ෂ අතර සුසංයෝගයක් සිදු වන බව රාජපක්ෂට හිතවත් මාධ්‍ය ආයතන ගෙන යන ප්‍රචාරය අසත්‍ය එකක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.

ld add copy

Connet With Us