හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු දෙක සහිත කොටස ඉවත් කළ සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) උදෑසන පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ ‍කෙළේය.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

එජාපයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂයේ දැත් ශක්තිමත් කරන්න ගිය එම ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයෙකුව අද හෙටම අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී.  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යනු දක්ෂ ලේකම්වරයෙක් වුවත් ඔහු ඉතා අදක්ෂ දේශපාලකයෙක් බව ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවේය.

2004 සුනාමි අරමුදල්වලින් කෝටි 8200 ක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබේ.

ලෝකයේ ප්‍රීතිමත්ව රටවල් අතර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

උතුරේ කලබල සමයේ වැසී ගොස්‌ තිබු පරන්තන් රසායන සමගම යලි ඇරඹීමට රජය තිරණය කර ඇත.

ld add copy

Connet With Us