ශ්‍රී ලංකාවේ ගර්භණී කාන්තාවන් මියයාම සලකා බලන විට මියයන සමස්ථ ගර්භණීන්ගෙන් තුනෙන් එකක් පමණ ගෘහස්ථ හිංසනය නිසා මිය යන බව මහනුවර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය පැවසීය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(25) විශ්‍රාම ගනු ලැබීය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කරන බව පවසා අැත.

දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මත්තල ගුවන් තොටුපොළ වැඩිදියුණු කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති නූඩ්ල්ස් සාම්පල පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා අනුව එම ආහාරවල අඩංගු ඊයම් ප්‍රමාණය වෙනත් රටවල මෙවැනි ආහාරවල අඩංගුවිය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ(25) රාත්‍රියේ කතානායක නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැති බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව 
 ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ සාක්‍ෂි දීමට කැඳවන මෙන් තමා එම කමිටුවෙන් ඉල්ලා සිටිය ද, තමන්ට ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ(25) දිනයෙන් අවසන්ව අැත.

තේ කර්මාන්ත ශාලා සඳහා කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර අැත. ලෝක වෙළෙඳ පොළේ පවතින ගැටලූකාරී තත්වයන් හේතුවෙන් තේ මිල පහළ යාමත් සමග කර්මාන්ත ශාලා හිමියන් පත්වන මූල්‍යමය අර්බූදය පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය රාජ්‍ය සහ වානිජ බැංකු හරහා කි‍්‍රයාත්මක වේ.

ld add copy

Connet With Us