විදේශ විනිමය ප්‍රේෂණ කටයුතුවලදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් විනිමය පාලන නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර නොමැති බව නියෝජ්‍ය විනිමය පාලක සරත් සිසිර කුමාර මහතා අද (17)කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

එක්සත් ලංකා බහලූම් හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති උදේනි කලූතන්ත‍්‍රී ප‍්‍රකාශ කළේය.

ඉතිහාසයේ පළමු වතාවට ස්විටිසර්ලන්ත විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණීම අද සිදුවිය. ස්විස්ටර්ලන්ත ව්‍යාපාරික ආයෝජන අවස්ථා සොයා බැලීම හා දෙරට අතර ආර්ථික සහයෝගිතාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ස්විස් විදේශ ඇමැතිවරයා පැමිණි අතර මේ ඔහුගේ ආසියානු කලාපයේ සංචාරය අතර තුරදී සිදු විය.

පතල් කර්මාන්තයේ නියැලෙමින් සිටියදී ජීවිත හානි සිදුවූ කම්කරුවන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව දැනුවක් කිරීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර ඇත.

ලොව පළමුවරට නිවර්තන කලාපීය වනාන්තරයකින් සොයාගැනුණු මානව ෆොසිලයක් ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාවේ බටෙදාඹලෙන ගල්ගුහාවෙන් සොයාගන්නා ලද මිනිස් ‘දත’ වසර 20,000ක් පැරැණි බවට එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ.

ඉන්දුනීසියානු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සහ එරට ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවීමක් අද (17) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

මහා පරිමාණ වංචා විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ld add copy

Connet With Us