2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවයි
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූවේය.
සජබ ආණ්ඩුවේ හොඳම ඇමැතිකම් ටික පිටින් ආපු අයට. දරදිය ඇද්ද අයට ඉතිරි වෙන ටික.
සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ බරපතල ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.

