ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
වතු කම්කරු වැටුප රුපියල් 1,700 කින් වැඩි කිරීමේ ගැසට්ටුව නිකුත් කරයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වරාය නගරයේ පාසල හා විශ්වවිද්‍යාලය සඳහා ගේට්වේ ට ඉඩම් බදුදෙයි
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත.
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

