පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා එළිකොප්ටර් යානා තුනක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි

අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට ආරංචිමාර්ග විසින් පවසා සිටියි.

මාතර දිස්ත්‍රික්යේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දින වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය කියයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද 03 දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තිරණය කර තිබේ.

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (2) පත් කරගනු ලැබීය.

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර මුල් පෙළේ කෙනකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනට තිබෙන පදනම ඉදිරි දින කිහිපයේදී අහෝසිවී යන බැවින් ඊට පෙර විවාදයට පැමිණෙන ලෙස ඔහුට දන්වා සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

ld add copy

Connet With Us