2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හඳුනාගත් පාසල් 4983ක් අවට පසුගිය මාස කිහිපය තුළ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකව වැටලීම් සිදුකර තිබෙනවා.

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට අවසර ලබාදී තිබේ.

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කිරීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (07) ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍රභායි පටෙල් හමුවීමට නියමිත වේ.

අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ld add copy

Connet With Us