ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවත් රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රට තුල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මීට දින කිහිපයකට පෙර අනතුරු හඟවා තිබිණි. කෙසේ නමුත් ඖෂධ හිඟයට හේතු වී ඇත්තේ අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය තරමට ඩොලර් රජය සතු නොවීම මත ඒ වේලාසන ඇණවුම් කිරීමට සමත් නොවීමය. අය වැයෙන් ඊට අදාල මුදල් වෙන්කිරීමක් සිදු කළද එම මුදල් ප්‍රමාණය සපූරාගැනීමට තරම් ආදායම් නොමැතිවීම හා විදේශ සංචිත ප්‍රමාණවත් නොවීමය.

පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරි පිට කළහාකාරි ලෙස හැසිරෙමින් වචන සහ නිරූපන බාවිතා කර රජයට විරුද්ධත්ව පළ කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී, SL Deshaya youtube චැනලයේ හිමිකරු දර්ශන හඳුන්ගොඩ පසුගියදා අත් අඩංගුවට ගනු ලැබිය.. ඒ සම්බන්ධයෙන්  පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්ථාව පහත දැක්වේ.

ලෝක වෙළඳපොලවල් කඩා වැටෙන තත්වයන් හමුවේ වුව එය නොතකා blockchain සහ cryptocurrency වෙළදාම අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. ප්‍රකට cryptocurrency වේදිකාවක් වන Cardano (ADA ) ජාලය විදුලි වාහන (EVs) නිෂ්පාදය කෙරෙහි යොමුව ඇති අතර ඔවුන්ගේ ප්‍රථම විද්‍යුත් වාහන (EV) ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හි දියත් කිරීමට නියමිත බව නිවේදනය කර ඇත.

2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

2023 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම කර්නල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පෙරේදා (ජන. 2) ගොනු කරන ලදී.

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ld add copy

Connet With Us