ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පළමු දින 15 තුළ සංචාරකයින් 100,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ,

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත බාරදෙනු ලැබිණි .

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරයි.

ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,970 දෙනෙකුගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පසුගිය වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන තිබේන අතර ඉන් 173 දෙනෙකු දරුවන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වෛද්‍ය වෘත්තීයට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය අද (18) උදෑසන 7.00 න් අවසන් විය.

ld add copy

Connet With Us