ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට තිබෙන ප්‍රශ්න මෙරට තුළම විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා පිටස්තර කිසිවෙකු අතපෙවීමට නොපැමිණෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ.

පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.

ld add copy

Connet With Us