ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇතැයි ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් ද සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයින් 57,394 ක පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක 'මිතුරු පියස' ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ld add copy

Connet With Us